අම්මෙ මං වදින්නම් දෙන්න සමාව පුතාට
මතකයි වින්ද දුක් අම්මෙ මං වෙනුවෙන්
මතකයි ,පොඩිකාලෙ
කුස පුරවන්න කාසි හොයන් ගියවෙලෙ
හැඬුව තුරුලුකරන් මම අම්මෙ ඔබෙ සුවද රැදි රෙදිකඩ
මට දෙවියන් දුන්න වරමක් නැහැ අම්මෙ
හැමදෙම දුන්නෙ දුප්පත් නුඹෙ දෑතයි
මගෙ දෙවියන් නුඹ විතරයි
අම්මේ ඔබයි සදා
රැජිනිය මගේ ලොවේ
දහසක් දුක් විදලා
සුරලොව මවෙත ගෙනා
අම්මේ ඔබේ සෙනෙහෙන්
දෙවියන් පවා සැලේ
සසරේ පුරා රැඳී
රකිමී නුවන් ලෙසේ
අම්මෙ දැක්ක මං සතුටක් කුමරියක් ගත්තු දා
පිරුණ හිත මගෙ අම්මෙ නුඹෙ සතුටෙන්
ඒත් කියල සුරගනක් මම ගෙනවෙ යකින්නක්
අම්මෙ පමා වැඩි
දෙන්න සමාව එකවතාවක්
ආහ්...
හැදුවත් මම හීන මාලිගාවක්
හිටියෙත් නුඹ හැමදා මං ගාවින්
කුසගින්නෙ රස තනියම විඳලා
බත් කටක් කැව්වෙ සෙනෙහස තවරා
සත්තයි අම්මෙ පිරුණ හිත මට මගෙ කුසට වඩා
මම ඉන්නම් සැමදා නුඹෙ පුතුම වෙලා
දෙන්න එකවතවක් මේ පුතුට සමා අම්මෙ
ලැබුනත් බැනුම් ගැරහුම් මා අඹුවෙන්
සඟවන්නෙ අම්මෙ ඇයි මගෙ සවනෙන්
හිටියත් තිස්තුන් කෝටි දෙවිවරයන්
සම වෙන්නෙ නැහැ අම්මෙ නුඹෙ ගුනයන්
සංසාර දිවිගමනේ
පින්තාරු වී ඈ
හදවතේ
දුන්නු හැමදෙම ආයෙත් ඉල්ලන සමාජයෙ
රුදුරු නපුරුකම් කියල දුන්නෙත් ඔබමයි අම්මෙ
සිඟිති අතින් අල්ලන් කියල දුන්නෙ හැමදේම
ඉල්ලගන්න හිතන් නෙවෙයි
දන්නව ඔබෙ කැපවීම
අම්මෙ ඔබෙ පුතාට මතකයි හැමදෙම
හිතින් ඉන්නෙ හැමදාක එදා සිඟිති පුතාමයි
අම්මෙ ඔබෙ කඳුලක් දෙන්න එපා වැටෙන්න
වුනු වරදක් හින්ද අම්මෙ අතින් මගේ
දහසක් කල්ප ගෙව්වත් මදිවෙයි
අරවන්නට සිද්දවුන පව නම්
දවසක් මට දුන්නත් අතුල් පහරක්
රිදුනත් මට කඳුලු ආවෙ ඔබටයි
දුන්න මවු කිරි බිඳෙ රස දැනෙනව
තාමත් අම්මෙ හිතින් මම හඬනවා
තැවෙනව
ජීවත්වෙල ඉන්නෙ අම්මෙ ඔබ හන්දා
වෙනසක් වෙන්නෙ නැහැ ආදරෙ හන්දා