[ Featuring PVG ]
තව පාරක් හමු වෙන්න
පතන්නෙ නෑ කව්රුවත්ම ඇගේ වෙන්න
ඈත් හොදින් දන්නවා
බලෙන් පවා මං ලවා
ලබාගන්න හැදුවත්
බඹරුන් ඇත මග රැකන්
තව පාරක් හමුවෙන්න
පතන්නෙ නෑ කව්රුවත්ම ඇගේ වෙන්න
ඈත් හොදින් දන්නවා
බලෙන් පවා මං ලවා
එක රැයකට විතරක්
සැනසෙන සින්ඩරෙල්ලා
ඇනවුම තුන්වෙනි මහලෙන්
කදුලු බින්දු සිවිලිම නැති වහලෙන්
පැසසුම සීතල රාගෙන්
සාපයක් නිසැකව පැරදෙයි ආලෙන්
කැමීලියා මල් සුවදත් මිරිගුවක්
ඇගේ කාමරෙත් තිබුණා පිලිරුවක්
පූජා කරන මල් වලට වඩා ඈ
සිනිදුයි ලෝබයි තියන්න කිලිටුඅත්
බඹරුන් හිවලුන් වෙලා කෙලසුවත්
උදේ වෙද්දි සුදු වෙලා ඒ කෙල සූ අත්
රැයකට පසු රැයකදි රැවටුනත්
සීමාවක් දන්නෙ නෑ හොදටමත්
අපායේ සුරගෙන, සලුවලින් වෙලාගෙන
දේව දූතයෝ නෑ පරවියෙක් කන ළග
ආදරේට නෙමෙයි සොයන් එන්නේ පිපාසෙට
මැදියමේ විල්තරේ සුදු හංස විලාසෙට
තව පාරක් හමු වෙන්න
පතන්නෙ නෑ කව්රුවත්ම ඇගේ වෙන්න
ඈත් හොදින් දන්නවා
බලෙන් පවා මං ලවා
ලබාගන්න හැදුවත්
බඹරුන් ඇත මග රැකන්
තව පාරක් හමුවෙන්න
පතන්නෙ නෑ කව්රුවත්ම ඇගේ වෙන්න
ඈත් හොදින් දන්නවා
බලෙන් පවා මං ලවා
එක රැයකට විතරක්
සැනසෙන සින්ඩරෙල්ලා