මතක් වෙනවලු සවස් යාමෙට
කවියකට කවි පද ගොතා
හිතේ ඇතුලෙම පරවෙනව තරු
දිලෙන්නට හිත බැරි නිසා
ආලයට රොබරෝසියන් මල්
වීදියෙ පලසක් මවා
විදින්නට රොබරෝසියන් පෙම්
මිරිගුවක් මා තනි කලා
වසන්තය තෙක් හුස්ම අල්ලන්
ඉන්න බැරි බව දුටු නියා
ඉන්නෙ කොහොමද ඉර්තු ගෙවෙනා
කාලයට පඩුරක් වෙලා
ඉතින් රොබරෝසියන් ඔබ අද
කාලයේ මා අතරමං කර
ඔබේ ප් රේමය වැවරවුමෙ පිට
වෙන අයෙකු මත තුරුලු වී
ඉතින් සමුගෙන නවතිනෙමි මම
නුවර පිට රොබරෝසියන්