සයුරේ ඇදී යන මේ නෞකාවේ
නැඟී බිඳෙන රළ සේ ජීවිතේ
හැපී සිඳෙන රැල්ලක් ආදරේ
ජීවිතේ වගේමයි සාගරේ
නිමක් නැති අන්ධකාරෙන්
නිවනක් සොයමින් මා...
යනවා යනවා මා මේ ලෝකෙන්
මිදෙමින් ඵලක් නැති ජීවිතෙන්
සොයමින් ඉමක් මේ සංසාරෙන්
ඇරිලා මා දෙනෙත් මේ හීනෙන්
සිටියත් බලා එසේ කාලේ ගෙවී යතේ
වේදනා මගේ පවසම්ද මා කෙසේ
නිමක් නැති අන්ධකාරෙන්
නිවනක් සොයමින් මා...
යනවා යනවා මා මේ ලෝකෙන්
මිදෙමින් ඵලක් නැති ජීවිතෙන්
සොයමින් ඉමක් මේ සංසාරෙන්
ඇරිලා මා දෙනෙත් මේ හීනෙන්