මීදුම යාවුණු
ඒ කදු පාමුළ
නුඹ තියු සුසුමක
සුවද දැනේ
ඉදහිට දවසක
සීතල හවසක
තනිවම ගොස් එහි
හඩමි ලදේ
ජීවන ගමනේ වස්සානේ
උණුසුම නුඹගෙනි මා ලැබුවේ
ජීවන ගමනේ වස්සානේ
උණුසුම නුඹගෙනි මා ලැබුවේ
උණුසුම නුඹගෙනි මා ලැබුවේ
නිතරම නුඹ ගැයු
ගීයක ස්වර නද
පදවැල් නැතුවම
අදද ඇසේ
හැම රෑ මැදියම
දෑස් පියාගෙන
ඒ ගී සර මම
විදිමි ලදේ
ජීවන ගමනේ වස්සානේ
උණුසුම නුඹගෙනි මා ලැබුවේ
ජීවන ගමනේ වස්සානේ
උණුසුම නුඹගෙනි මා ලැබුවේ
උණුසුම නුඹගෙනි මා ලැබුවේ
එක මුතු කුඩයක
එක ළග ඇවිදපු
නුඹගෙ පහස තව
දැනෙනු හැගේ
හැම වැහි දවසක
කලුවර අහසින්
නුඹ ඒ යැයි මට
තවම සිතේ
ජීවන ගමනේ වස්සානේ
උණුසුම නුඹගෙනි මා ලැබුවේ
ජීවන ගමනේ වස්සානේ
උණුසුම නුඹගෙනි මා ලැබුවේ
උණුසුම නුඹගෙනි මා ලැබුවේ