කළේ උකුලේ තියාලා බුලත් විටක් හපාලා
දසන් දෙපොල පෙන්නලා ටිකිරි සිනහව පාලා
මම ඉන්නවා දැකලා අනිත් පැත්ත බලාලා
යනවනේ මහනුවර මැණිකෙලා
යනවනේ මහනුවර මැණිකෙලා
කළේ උකුලේ තියාලා බුලත් විටක් හපාලා
දසන් දෙපොල පෙන්නලා ටිකිරි සිනහව පාලා
මම ඉන්නවා දැකලා අනිත් පැත්ත බලාලා
යනවනේ මහනුවර මැණිකෙලා
යනවනේ මහනුවර මැණිකෙලා
හිමිදිරියෙන් පිබිදෙන්නේ
ගම්මානේ ඔපවන්නේ
කලෙත් අරන් බැස යන්නේ
දිය පුරවාගෙන එන්නේ
කළේ උකුලේ තියාලා බුලත් විටක් හපාලා
දසන් දෙපොල පෙන්නලා ටිකිරි සිනහව පාලා
මම ඉන්නවා දැකලා අනිත් පැත්ත බලාලා
යනවනේ මහනුවර මැණිකෙලා
යනවනේ මහනුවර මැණිකෙලා
අහක බලන් ඇයි ළඳුනේ
මුකුලු ලෙසින් හිනැහෙන්නේ
අපි සමඟින් එන්න අනේ
වැව රවුමෙයි අපි යන්නේ
කළේ උකුලේ තියාලා බුලත් විටක් හපාලා
දසන් දෙපොල පෙන්නලා ටිකිරි සිනහව පාලා
මම ඉන්නවා දැකලා අනිත් පැත්ත බලාලා
යනවනේ මහනුවර මැණිකෙලා
යනවනේ මහනුවර මැණිකෙලා
දර කඩලා වන රොද්දෙන්
එනවිට කළුවර වැටුණෙන්
පහන දවා වැඳලා බුදුන්
මැණිකෙලා දැන් සුව නින්දෙන්
මැණිකෙලා දැන් සුව නින්දෙන්
මැණිකෙලා දැන් සුව නින්දෙන්