නුඹේ වත ලඟ නවතිනු විනා
අරමුණක් නැත දිවියට වෙනා
හඬනවා හද මා
සනසන්න ආලෙන් වහා
නුඹව හිඳුවා සතපන්න මා
සත්මහල් මාලිග නැත තනා
දැවෙනවා ගත මා
ඇහැරන්න රාගේ රහා
අරමුණක් සොයමින් මම දිවිකතර ගැවසෙනවා
පිනිපොදක් විලසින් නුඹෙ ආලයෙන් නැහැවෙනවා
ආදරය අසමින් නුඹ සයනතෙහි වැතිරෙනවා
ජීවිතය සොයමින් මා ආදරය වැගිරෙනවා
නුඹේ වත විඳිනෙම් වැටහෙන තුරු දිවිය යම්දා
නුඹේ ඇස් දකිනෙම් පියවෙන තුරු දෙනෙත් මතුදා
ලොවේ නැත කිසිවෙක් ආලයෙන් ගත මන බින්දා
අයිතිකම් නොකියම් ශෝකය බිය නැගෙන හින්දා
ආ දා මා හා පෑවා මායා
දිලුනා වෙලුනා ගිලුනා මායා