හැම රැය ගෙවුනේ ගත ඔබෙ ළඟ
හැමතැන දිව්වේ ඔබෙ සිත ළඟ
කේත පිරුණු මේ ලෝකය තුළ මම
නිතරම සෙව්වේ මා මන් ළඟ
බොඳ වී යන මේ හීනය වී මා
ද්විමය කේතය වී මට වීනා
තර්ක දොරටු තුළ විදුලිය සේමා
පරිපථ විනිවිද භූගත වේ මා
බොඳ වී යන මේ හීනය වී මා
ද්විමය කේතය වී මට වීනා
තර්ක දොරටු තුළ විදුලිය සේමා. ආවා.
ඔබේ රාගී දෙනුවන් මා දෙස බලමින් මා සිත කළඹන්
හීනෙන් ඇවිදින් ඇවිටිලි කරමින් ගත කිතිකවමින්
මගේ මනස පුරා දවස පුරා ඔබේ ලෝකය මවමින්
ඔබේ බොළඳ කතා තනි වුන මා වටේ කරකැවෙමින්
නටපු නැටුම් මා සිරකර
මගේ ලොව නැති කර
ගත කළ තෙවසර
මට කල කරදර
දැන් ළඟ නැති බව
දැනුනම මගේ ගත
විදින්නේ සැනසුම
අද ඔබ එහි තුළ
දැන් මා මා තුළ
ජීවිතේ දුක සැප
කියාදුන් ඔබ හට
මගේ හද තුති පුද
නව ජීවිතයක්
අරමුණ මුල් කර
අද සිට අරඹන බව කියමින් මා.
නවතිමි
විඳිමින් පාවී මා සසරේ
සොයමින් ඔබගේ සෙනෙහේ
සැලෙමින් සිත මේ විලසේ
සිතමින් ඔබ ඒවී කියා.
ඝණ අඳුරේ මේ හිත තනි උනා
එක් රාමුවක් තුළ මා කොටු උනා
ගැලවෙන මග සොයනා අතරෙදි
නොදැනිම පෙර බව වෙත මා යා උනා
හෙට දින හීනයක් පමණයි
පෙර දින මතකයක් පමණයි
ඒ දෙක අත්හැර ගත් පසු
අප හට ඇත්තේ හුස්මක් පමණයි
අපි අපිටම ඇයි මේ කරන්නේ වෛර
මෙහෙම ගියොතින් ක් රොධේ නිවෙයිද
ඔබෙත් මගෙත් මේ කැළඹුන තුන්දොර
ලොව සනසන්නට උදව් කරයිද
මෙහි තේරුම මට වැටහුනි
ඔබ නැහැ කැපවුනේ
දන් මා ගැලවුනී
ආශා දහසක් මැද නොදැනිම ඔබ මේ
අනුකෘතිය තුළ හිරවුනී