ආදරයේ එක් කතාවක් නිසයි
මේ ගයන්නේ
ජීවිතයේ එක් වතාවක් ලැබූ
ඒ වසන්තේ
සුලගේ ඇවිත් යන්න
මේ මීදුම් සලුවෙන්වත් මා
දෙනෙත් පිස දමන්න
සුලගේ ඈ වෙත හමා යන්න
මේ සුසුම් මුසු කරන්
සුලගේ ඇයට කියා දෙන්න
මගෙ ආදරේ තරම්
මගෙ ආදරේ තරම්
මීවිතකින් මත් වූ නිසා නොවේ
මේ ගයන්නේ
තව මොහාතින් ඒ පාලු සීත රෑ
මා හමුවේවී
සඳේ ඔබවත් එන්න
මේ රාත් රියේදීවත්
මා ලගින් නිදි වරන්න
සුලගේ ඈ වෙත හමා යන්න
මේ සුසුම් මුසු කරන්
සුලගේ ඇයට කියා දෙන්න
මගෙ ආදරේ තරම්
මගෙ ආදරේ තරම්