ආදරයේ අරුත නොහදුනන
ඔබට බැදී වෙසෙමී
මා මුලා කරන ඔබ සොයා
හෙට උදෑසනත් පිබිදී
ඔබෙ සෙවණ සොයා එමී
ජීවිතයේ අපමණ සුවයෙන්
ගෙවූ කාලය රැවටී //
ඇති බව දැන මා මුලා කරන
ඔබෙ සෙවණ සොයා එමී
දිනයක මා ප් රේමය හදුනා
ඔබ මදෙසට හැරෙනු ඇතී //
කොහෙද ලොවක් මට ඔබ හැර
හෙට උදෑසනත් පිබිදී
මම ඔබව සොයා එමී